තම සිරුරේ නිපදවෙන දාහය හේතුවෙන් පීඩා විදින මිනිපේ ප්‍රදේශයේ ජීවත්වන නෙතුල් හර්ෂ කුමාර පිලිබදව අප අනාවරණය කලේ පසුගිය මස 11වනදායි.
එතැන් පටන් අද දක්වාම නෙතුල් වෙනුවෙන් ඔහුට පිලිසරණයක් වන්නට මනුෂ්‍යත්වයේ නාමයෙන් බොහෝ පිරිසක් ඉදිරිපත්ව සිටිනවා.
එක්ටෝඩර්මල් ඩිස්ප්ලේෂියා නැමති රෝගයෙන් එනම් සිරුරේ ඇති වන අධික උණුසුමින් නෙතුල් පීඩා විදින ආකාරය හිරු ප්රවෘත්ති ඔස්සේ අප අනාවරණය කලේ පසුගිය මස 11වනදායි.
වෛද්‍යවරුන් පවසන්නේ නෙතුල්ගේ සම අභ්‍යන්තරයේ දහඩිය නිපදවන ග්‍රන්ථි පිහිටා නොතිබීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කර ගත නොහැකිවීම නිසා සිරුර පිලිස්සෙන ස්වභාවයක් ගන්නා බවයි.
දුර්ලභ රෝගයකින් පීඩා විදින නෙතුල් පෝෂණය කරන්නට ආර්ථික අපහසුතාවලින් පීඩා විදින ඔහුගේ මාපියන් දරන්නේ දැඩි උත්සාහයක් ග අප මේ පුවත විකාශය කළ සැණින් මහියංගණය මිනිපේ පිහිටි ඔහුගේ නිවසට බොහෝ පිරිසක් පැමිණියේ පුංචි නෙතුල්ට අනාගතය පිලිබද සුබදායි බලාපොරොත්තු රැසක් රැගෙනයි.