Gossips

අධික දාහයෙන් පීඩාවිඳින කුඩා දරුවා ගැන හිරු පුවත ඵලදරයි

තම සිරුරේ නිපදවෙන අධික දාහයෙන් පීඩාවිඳින නෙතුල් හර්ෂ කුමාර පිළිබඳ අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ තොරතුරු ගෙන ආවේ පසුගිය සෙනසුරාදායි.
මනුෂ්‍යත්වයෙන් පිරුණු හිත් ඇති බොහෝ දෙනෙක් දෙදිනක් ගත වන්නටත් මත්තෙන් නෙතුල්ට ශක්තියක්වන්නට ඉදිරිපත්ව සිටිනවා.
ඒ එක්ටොඩර්මල් ඩිස්ප්ලේෂියා නැමති රෝගයෙන් එනම් සිරුරේ ඇතිවන අධික උණුසුමින් නෙතුල් පීඩා විඳින ආකාරය හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගිය සෙනසුරාදා විකාශය කළා.
වෛද්‍යවරුන් පවසන්නේ ඔහුගේ සම අභ්‍යන්ත්රයේ දහඩිය නිපදවෙන ග්‍රන්ථි පිහිටා නොතිබීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කරගත නොහැකි වීම නිසා සිරුර පිළිස්සෙන ස්වාභාවයක් ගන්නා බවයි.
දුර්ලභ රෝගයකින් පීඩා විඳින නෙතුල් පෝෂණය කරන්නට ආර්ථික අපහසුතාවලින් දැඩිව පීඩා විඳින ඔහුගේ මව්පියන් දරන්නේ දැඩි උත්සාහයක්.
අප මේ පුවත විකාශය කළ සැනින් බොහෝ පිරිසක් මහියංගනය මිනිපේ පිහිටි ඔහුගේ නිවසට පැමිණියේ පුංචි නෙතුල් වෙනුවෙන් තෑගි බෝග රැසක් රැගෙනයි.
නෙතුල්ට අවැසි ආහාර පාන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් මෙන්ම ඔහුගේ සිත සතුටින් තැබීමට බොහෝ සෙල්ලම් බඩුත් ආධාර රැගත් පිරිස ගෙනැවිත් තිබුණා.