අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාශයේ වැය ශීර්ෂය පරාජය කිරීම හරහා රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ගෙවීමේ අර්බුදයක් මතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
මෙම වැය ශීර්ෂය පරාද කිරීම නිසා රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මාසයේ වැටුප් ගෙවීම අර්බුදයකට ලක්ව ඇති බවට අමාත්‍ය වජිර අබේවර්ධන සිදුකළ ප්‍රකාශය සහ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේදී අද ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 15 වන දිනය අදයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනීම මේ වනවිට සිදුවනවා.