Gossips

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකට

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය අද (03) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ කථානායක කරූ ජයසූරිය විසින්.
අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවද කථානායකවරයා එහිදී කියා සිටියා.
මේ අතර විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අනුමත කිරීමද අද පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.