ආඩිගම – තිඹිරිගොල්ල,වන්නියාකුලිය වැවෙන් අල්ලන ලද බව කියන කිරි ඉබ්බන් 04 දෙනෙකු සහ ගල් ඉබ්බන් 08 දෙනෙකු ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංගගේ නියෝග අනුව විල්පත්තුව වනාන්තරයට මුදා හැරීම සදහා කරුවලගස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත බාර දීමට පල්ලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
සිදී යමින් ඇති වන්නියාකුලම වැවේ සිටින ඉබ්බන් අල්ලමින් සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් වෙන්නප්පුව – මිරිස්සන්කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් දෙදෙනාට රුපියල් 40,000 බැගින් රුපියල් 80,000 ක දඩ මුදලක්ද ආණමඩුව මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර තිබෙනවා.
වෙන්නප්පුව ප්‍රදේශයේ ඇති චීන අවන්හල් සදහා ගෙන යාමට තමන් ඉබ්බන් අල්ලා ගත් බව සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇති බවයි සඳහන් වන්නේ.
