Gossips

අධිකරණ කටයුතු වලට බාධා කළ පුද්ගලයා, අධිකරණය තුලදීම ගෙල කපාගෙන

අධිකරණය තුලදී බ්ලේඩ් තලයකින් ගෙල කපාගත් පුද්ගලයෙකු පිළිබද පුවතක් වව්නියාවෙන් වාර්තා වනවා.
නඩු කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙක් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය තුල ඇති සිර මැදිරියේදී මෙලෙස ගෙල කපාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
නඩු කටයුත්තක් සඳහා ඊයේ (22) අධිකරණයට පැමිණ ඇති අදාල පුද්ගලයා අධිකරණ කටයුතු වලට බාධා වන අයුරින් අධිකරණය තුල හැසිරී තිබෙනවා.
අධිකරණ කටයුතු වලට බාධා වන අයුරින් හැසිරීම හේතුවෙන් අදාල පුද්ගලයාට මාස 06ක් සිර දඬුවමක් පැන වීමටයි විනිසුරුවරිය එහිදී නියෝග කර ඇත්තේ.
එම නියෝගයෙන් අනතුරුව සැකකාර පුද්ගලයා අධිකරණය තුල ඇති සිර මැදිරිය තුල රඳවා ඇති අතර එහිදී ඔහු සිය සන්තකයේ තිබූ බ්ලේඩ් තලයකින් ගෙළ කපාගෙන ඇති බව සඳහන්.
එහිදී තුවාල ලැබූ 30 හැවිරිදි එම පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු මේ වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.