Gossips

අධිකරණය හමුවේ පෙනී සිටි කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන ඇතුලූ හතරදෙනෙකු තිස්සමහාරාම අධිකරණයට භාරවීමෙන් පසුව මැයි මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, පසුගිය ජනවාරි 20 වනදා කතරගම පොලීසියට පහරදීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි.
පොලිස් කොස්තාපල්වරයෙකුගේ වෙඩි පහරින් කතරගම – නාගහවීථිය ප්‍රදේශයේ එක්දරු පියෙකු වන ප්‍රාදේශීය සභා සේවකයෙකු මියයෑමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ජනවාරි මස 20 වනදා පොලිසිය ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.
එම සිද්ධියට අදාළව කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටද වරෙන්තු නිකුත් කර තිබූ අතර ඒ අනුව ඔහු අද (23) තිස්සමහාරාම අධිකරණය හමුවේ පෙනී සිටි අවස්තාවේදියි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.