Gossips

අධිකරණය මඟහරිමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

කුලී පදනම මත සහ විවිධ වංචනික ක්‍රියා මගින් වාහන ලබාගෙන ආපසු නොදී මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම, බලපිටිය, කඩුවෙල යන අධිකරණ වලින් නිකුත් කර තිබූ වරෙන්තු 11 ක් මගහරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක්.
මොවුන් කිරින්ද – නිදන්වැල්ල ප්‍රදේශයේ නවාතැන්පලක සැඟව සිටියදී ඊයේ (14) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
සැකකරුවන් අවුරුදු 36 ත් 43 ත් අතර වයස්වල පසුවන නවගමුව සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.