Gossips

අධිකරණය මගහැර සිටි නළුවා පොලිස් දැලේ

අධිකරණ කිහිපයකම විභාගවන නඩු 5 ක් සම්බන්ධයෙන් වරෙන්තු මගහැර සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චිත්‍රපට රංගන ශිල්පියෙක් බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
සැකකරු මෙලෙස වසර දෙකකට අධික කාලයක් තිස්සේ මෙලෙස වරෙන්තු මගහැර සිට ඇති බවටයි වාර්තා වන්නේ.
මීට අමතරව නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රුපියල් 63,000ක දඩ මුදලක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය වැඩිදුරටත් නියෝග කළා.
පොලිසිය විසින් විශේෂ උපායදූතිකාවක් යොදවා මෙලෙස සැකකරු අත්අඩංගුවට තිබෙනවා.
ප්‍රදේශ කිහිපයක සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව තඹුත්තේගම සහ මහව අධිකරණවල නඩු 5 ක් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඒ අතර නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා බැරල් 02ක් හා නීතිවිරෝධී මත්පැන් බෝතල් 42ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාර නළුවා මීට පෙර අවස්ථාවක පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු පනස් දහසක ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.
කෙසේ වෙතත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතඥයා අධිකරණය හමුවේ පවසා ඇත්තේ ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරමින් සිට ඇති බවයි.
ඒ ඔහුට විරුද්ධව ඇති නඩු සඳහා ඉදිරිපත්වීමට ඔහු සතුව මුදල් නොමැතිවීම හේතුවෙන් බවයි ඔහු වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ.