Gossips

අධිකරණයේ පෙනී සිටි දිමුත් කරුණාරත්නට ඇප – ඇප ලැබුණු දිමුත් සමාව අයදී

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ අධිකරණයේ පෙනී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න අද නියෝග කළා.
ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොහුව මුදාහැරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේ.
එමෙන්ම දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද විනිසුරුවරයා නියෝග කළා.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ දිමුත් කරුණාරත්නව නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.
මෙහිදී දිමුත් කරුණාරත්න වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා කියා සිටියේ අගතියට පත් පාර්ශවයට නව ත්‍රිරෝද රථයක් ලබාදීමට කටයුතු කරන බවයි.
හානිපූර්ණය කරන්නේ නම් මෙම නඩුව සමථයකට පත් කරගැනීමට කැමති බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා.
මෙම නඩුව මැයි මස 2 වනදා යළි කැඳවීමට නියමිතයි.
එමෙන්ම දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සිද්ධිය පිළිබදව සමාව අයැද සිටි අතර, අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ රියදුරා සමඟ සමථයකට පැමිණි බවත්, කියා සිටියා.
සුළු තුවාල ලැබූ ඔහු මේ වන විට රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා.
කෙසේ නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඉදිරි නීතිමය පියවරවලට සහය ලබාදෙමින් කටයුතු කරන බවයි දිමුත් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, බොරැල්ල – පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර, පළා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ නවිදු උමේෂ් රත්නායක ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා අද නියෝග කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියම කළේ.
ඒ අනුව මෙම නඩුව මේ මස 22 වනදා දක්වා යලි කැඳවනු ඇති.
අද නඩු වාරය සඳහා මෙම සිද්ධියේ චෝදනා එල්ල වූ සැකකරුවන් 08 දෙනාගෙන් රිමාන්ඩ් කර සිටි සැකකරු ඇතුළුව 06 දෙනෙකු පෙනී සිටි අතර 04 වන සහ 05 වන සැකකරුවන් අධිකරණයට පැමිණ සිටියේ නැහැ.
ඒ අනුව ඔවුන්ට අද නොතීසි නිකුත් කෙරුණා.
පසුගිය පෙබරවාරි මස 24 වන දා බම්බලපිටිය – ගාලු පාරේ – ඩුප්ලි බුලර්ස් මංසන්ධියේදී බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර ගමන් ගත් යතුරුපැදිය, අනතුරට පත් කරමින් ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබූ අතර එය පසුව සොයා ගැනුණේ බත්තරමුල්ල ප්‍රදේශයෙන්.

rn