තමන්ට සාධාරණයක් ඉටු නොකොළහොත් අධිකරණයේ සහය පැතීමට අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.
කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඔහු මේ බව කියා සිටියේ.
පාර්ලිමේන්තුව රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් රැස්වීම් පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපතිවරයා පත් කළ විද්වත් කමිටු වාර්තාවට අනුව, සිංගප්පූරු ගිවිසුමෙහි ගැටලු ඇත්නම් එහි සංශෝධන සිදුකිරීමට සූදානම් බවයි එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය මලික් සමරවික්‍රම කියා සිටියේ.
