ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නොවැම්බර් මස 16 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළා.
ඒ තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් සයිටම් වෛද්‍ය උපාධිධාරිණියක ගොනු කළ පෙත්සම සලකා බැලූණු අවස්ථාවේදීයි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේ මෙම පෙත්සම කැදවනු ලැබුවා.
