Gossips

අධිකරණයට අපහාස කළැයි, ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව අද

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පෙත්සම පිළිබද තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින්.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කර ඒ පිළිබදව පියවරක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමු කර තිබුණා.
ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව කරුණු සලකා බැලූ නීතිපතිවරයා ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා 4ක් යටතේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.
පෙත්සම් විභාගයේදී වසරකට ආසන්න කාලයක් තිස්සේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි විභාගය සිදුකෙරුණා.