අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මස 08 වනදා ලබාදීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.
ඒ මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද නඩු විභාගය සිදුවන අවස්ථාවේ අධිකරණයට පැමිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
