Gossips

අධ්‍යාපන වෘත්තිකයන්ගේ ක්‍රියාමාර්ගය දේශපාලනික අවශ්‍යතාවක් – ආණ්ඩුවෙන් චෝදනා

අධ්‍යාපන වෘත්තිය සමිති කිහිපයක් හෙට (26) ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය දේශපාලනික අවශ්‍යතා මත සිදුකෙරෙන බව ජාතික අධ්‍යාපන සේවක සංගමය පවසනවා.
එහි සභාපති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මේ බව සදහන් කළේ කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත් අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ හෙට (26) ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේදී පාසල් වාර විභාග කටයුතුවලට ඇති වන බාධාවන් හි වගකීම රජය විසින් භාර ගත යුතු බවයි.