Gossips

අධ්‍යාපන ක්‍රමවල වෙනසක් අවශ්‍ය බව ජනපති කියයි

ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය ද කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවයට ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.
බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ දී අවම වශයෙන් එය පාසල් දරුවන්ගෙන් 25‍%ක් වත් නියෝජනය වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
විනයෙන්, හික්මීමෙන් මෙන්ම ගුණදම්වලින් පොහොසත් අනාගත පරපුරක් ගොඩනැගීමට බාලදක්ෂ ව්‍යාපාරය ඉතා වැදගත් බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.
විශිෂ්ට අනාගත පරපුරක් රට තුළ ගොඩනැගීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබදව මේ වන විට විශේෂ අවධානයක් යොමු කර අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් අනුව අදාළ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.