Gossips

අධ්‍යාපන ඇමති ටැබ් ලබාදීම අත් නොහරී

උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට අනිවාර්යෙන් ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
විවිධ පාර්ශව පටු දේශපාලන අරමුණු පදනම් කරගනිමින් සිදුකල විවේචන නිසා ටැබ් පරිගණක ලබාදීම තවකාලික අත්හිටුවීමට සිදුවු බවයි එම අමාත්‍යාංශයේ ඊයේ (28) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
ජනතාව වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යුතුකම් සහ වගකීම් ඉටු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
ඊයේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණිය සීමිත තරග විභාගයෙන් සුදුසුකම් ලැබූ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම උත්සවයේ දී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණිය සඳහා එකසිය හතර (104) දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රධානය කරනු ලැබුවා.