Gossips

අධ්‍යාපන ඇමතිගෙන් හෙළිදරව්වක්

දේශපාලන වේදිකා තුළ ඇතැමුන් නිළ ඇඳුම් සඳහා වවුචර් නිකුත් කිරීම විවේචනය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට අද (26) උදෑසන එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ දී දරු දැරියන් 30% ක් පමණ නිල ඇඳුම් රෙදි ලබා නොගත් බව වාර්තා මගින් හෙළිවූ බවයි.
මෙම වවුචර් ක්‍රමය හේතුවෙන් රුපියල් කෝටි 20ක් පමණ කොමිස් ලෙසින් ලබාගත හැකි වංචාවන් වැළක්වීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී කියා සිටියා.
ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වූ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී කළ ප්‍රකාශය පහතින්.