Gossips

අධ්‍යාපන අමාත්‍ය ධුරය ඌව මහඇමතිට දීමට එරෙහිව උද්ඝෝෂණ

ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට නැවත පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ලබන 23 වනදායින් පසු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරුසේවා සංගමය ප්‍රකාශ කළා.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට අදාළව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු අතර, නැවත ඔහු එම අමාත්‍ය ධුරයට පත් කෙරුණා.
කොළඹ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සහ සිද්ධියට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.