පළාත් සභා පාසල් සේවකයින්ගේ තනතුරු විෂමතා ගැටලූවට දින 21 ක් තුළ විසදුමක් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අනතුරු අගවනවා.
එහි ලේකම් අජිත් කේ.තිලකරත්න සදහන් කළේ තනතුරු 8 ක් පාසල් කාර්ය සහායක තනතුරට ඒකාබද්ධ කිරීම තුළින් මෙම ගැටලූව උද්ගත වී ඇති බවයි.
