අධ්‍යාපනය යනු ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය පමණක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
පාසල් දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද මූලිකත්වය දිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
අද (14) ඉසිපතන විද්‍යාලයේ නව පිහිනුම් තටාක සංකීර්ණය සහ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
සියලු ශිෂ්‍යයන් සඳහා ක්‍රීඩාව අනිවාර්ය කරනු ලැබුවේ ඒ අනුව බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.