Gossips

අධ්‍යයනයකින් හිටපු ජනපති මහින්දට නැවත වරක් තරඟ කළ හැකිද විමසයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙසට තරග කළ හැකි බවට පළවන මත සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන බවයි.