එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ මුදල් තැන්පතුකරුවන් අද ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා.
එම සමාගමේ මුදල් තැන්පත් කර යළි ලබා ගැනීමට නොහැකිවී ඇති තැන්පතුකරුවන් විශාල සංඛ්‍යාවක් එම සංගමයේ ලියාපදිංචි වීම විශේෂත්වයක්.
තැන්පතුකරුවන් එහිදී කියා සිටියේ තම මුදල් ලබානොදී ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය විදෙස් ගත වීමේ සූදානමක් පවතින බවයි.
එය වළක්වාලමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නව සංගමය මගින් බලාපොරොත්තු වන බවයි එහි නියෝජිත අනූෂා ජයන්ති ප්‍රකාශ කළා.
