Gossips

අද හිඟ වුණත්, හෙට සිට බස් අඩු නොවන බව ලංගම කියයි – දුම්රිය සාමාන්‍ය පරිදි

කොළඹ, මධ්‍යම බස් රථ නැවතුම්පොලේ පැවති බස් හිගය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.
පොළොන්නරුව, හැටන්, මහනුවර, බදුල්ල, ගාල්ල, මාතර සහ කතරගම යන ප්‍රදේශ වෙත ගමන් කරන බස් රථ මෙලෙස හිග වූ බවටයි මගී ජනතාව චෝදනා කළේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය කළමනාකාර ටියුඩර් චන්ද්‍රසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බලාපොරොත්තු නොවූ ආකාරයට කොළඹට සිට පිට පළාත් වෙත ගමන් කිරීමට මගී ජනතාව එක්වීම නිසා මෙම අර්බුදය හට ගත් බවයි.
මේ අතර, පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා වන විශේෂ දුම්රිය සේවා හෙට සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.