ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව එම මණ්ඩලය පවසනවා.
එහි සභාපති උපාලි මාරසිංහ කියා සිටියේ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි රැකී රක්ෂා සඳහා පැමිණීම සඳහා එළඹෙන 20 වනදා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම, යළි රැකියා සඳහා පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් පෞද්ගලික බස් රථද හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
එහි සභාපති ජනක මල්ලිමාරච්චි කියා සිටියේ හෙට සිට ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹ දක්වා බස් රථ සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක වනු ඇති බවයි.
මේ අතර, උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 11 වනදා ආරම්භ කෙරුණු අතර එය ලබන 20 වනදා දක්වා සිදුකෙරෙන බව පොලීසිය ප්‍රකාශ කළා.
මාර්ගයේ සිදුවන අනතුරුවලින් බහුතරයක් බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදුවන අනතුරු බැවින් බීමතින් රිය පැදවීමෙන් වළකින ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර, උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිටත් යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියක් හදිසියේ පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් ඊයේ එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වුණා.
ඒ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ යාපනයේ සිට පරසන්ගස් වැව දක්වා මෙන්ම, සාලියපුර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ.
මෙම අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, එහි ගමන් ගත් මගියෙකු ප්‍රකාශ කළේ පීලිපැනීමට ලක්වූ දුම්රිය ඉන් අනතුරුව මීටර් 200 ක් පමණ දුරට ඇදී ගිය බවයි.