Gossips

අද සිට රාජගිරියේ නව රථ වාහන සැලැස්මක්

අද සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සදහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස් රථ, ගුවන් පාලම යට වැලිකඩ මංසන්ධියෙන් කොටා පාරට හරවා ඒ ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා ධාවනය කිරීමට නියමිතයි.
මේ දක්වා කොළඹ දෙසට පැමිණෙන බස් රථ ආයුර්වේද මංසන්ධියෙන් කොටාපාරට ඇතුළු වූ අතර ඒ හේතුවෙන් සහ මගීන් නිරන්තරයෙන් පාර මාරුවීම නිසා අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පැවතුණා.