ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා පැමිණි පර්යේෂණ නෞකාවක් අද, සිය මෙහෙයුම් ආරම්භ කරනවා.
පැනමා ධජය යටතේ ලියාපදිංචි බී.ජී.පී. පයනියර් නැමති මෙම නෞකාව මෙරට මුහුදු තටකවල භූ විද්‍යාත්මක දත්ත එක්රැස් කිරීම දින 42 ක් සිදුකිරීමට නියමිතයි. ජේ.එස්. – 5 සහ ජේ.එස්. – 6 ලෙස නම් කර ඇති නැගෙනහිර සහ ඊසානදිග මුහුදේ කිලෝමීටර් 5000ක් පුරා පැතිරුණු මුහුදු ප්‍රදේශයක මෙමගින් තෙල් ගවේෂණ කටයුතු සිදුකෙරෙනවා.
රැස් කර ගන්නා ද්විමාන සහ ත්‍රිමාන දත්ත සකස් කිරීම මාස 5 ක කාලයක් සිදුකිරීමට නියමිත අතර, ඒවා ඛනිජ තෙල් ගවේෂණ හා කැණීම් සිදුකරන සමාගම් වෙත ලබාදීමට නියමිත බවයි ශ්‍රී ලංකා ඛනිජ තෙල් සම්පත් ගවේෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
