Gossips

අද සිට ධීවරයින් වර්ජනයේ

භූමිතෙල් මිල අඩු කරන ලෙස ඉල්ලා මීගමුව සහ දකුණු මුහුදු තීරයේ දෙහිවල සිට බේරුවල දක්වා ප්‍රදේශවල ධීවරයින් මුහුදු යෑම අද (08/0 සිට වර්ජනය කරන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය පවසනවා.
එහි සභාපති අරුණ රොෂාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ භූමිතෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡා සියල්ල අසාර්ථක වූ බවයි.
එමෙන්ම, සඳුඳා දිනයේ සිට දිවයිනේ සියලූම ධීවරයින් එක් කරගනිමින් වර්ජනය දියත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.