Gossips

අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයින ආසන්නයේ පවතින තරංගකාරි කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී ඌව, සබරගමුව, පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ක් පමණ වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මීට අමතරව, ගාල්ල සිට හම්බන්තොට, මඩකලපුව හරහා වාකරේ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.