අද සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට පස්වරු දෙකෙන් පසුව මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකියි.
