ස්ථානාධිපතිවරුන්ගේ නව පත්වීම් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
එහි ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ තම වර්ජනය දින දෙකක් පුරා ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ වෙතත්, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහනුවර දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ඔවුන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.
එමෙන්ම වැටුප් ඉහළ නොදැමීමට විරෝධය පල කරමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර, බියගම ජල පවිත්‍රාගාරයෙන් ප්‍රදේශ කිහිපයකට සැපයෙන ජලය දැඩි දුර්ගන්ධයකින් යුක්ත බව ජල පාරිභෝගිකයින් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ දින කිහිපයක සිට පවතින මෙම දුර්ගන්ධය හේතුවෙන් සිය දෛනික අවශ්‍යතා පවා සපුරාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.
බියගම, කැළණිය, වත්තල, ජාඇල, රාගම, කඩවත ඇතුළු ප්‍රදේශ ගණනාවක ජල අවශ්‍යතා සපුරන්නේ බියගම ජල පවිත්‍රාගාරයෙන්.
පසුගියදා ඇතිවූ ගංවතුර තත්වයත් සමඟ බියගම ජල පවිත්‍රාගාරය ඇතුලූ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවූ අතර එම ජලය ඇතැම් ස්ථානවල තවමත් පල්වෙමින් පවතිනවා.
මෙලෙස පල්වන ජලය කැළණි ගඟට යළි ගලා ඒම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.