අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කළ ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වනවා.
පළමු කිලෝමීටරය සඳහා අය කළ ගාස්තුව රුපියල් 10කින් අඩු කිරීමටයි ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය පසුගියදා තීරණය කළේ.
ඒ අනුව රුපියල් 60 ක්ව පැවති පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 50 දක්වා අඩුවනු ඇති.
එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනේ ගාස්තුව සංශෝදනය වූ ත්‍රිරෝද රථ පමණක් සිය ගමනාගමනය සඳහා යොදා ගන්නා ලෙසයි.
මේ අතර ගාස්තු අඩු නොකරන ත්‍රිරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමත්‍යවරයා, පාරිභෝගික සේවා අධිකාරිය සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිත බව අප කළ ව්මසිමකදී සභාපති සුනිල් ජයවර්ධන පවසා සිටියා.