Gossips

අද සිට කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

අද (09) දිනය තුල ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර පසුව එම තත්ත්වය නැගෙනහිර පළාතට සහ මුලතිව් දිස්ත්‍රික්කයට පැතිර යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර එම අවස්ථාවල ප්‍රභල අකුණු තත්ත්වයන් ද ඇතිවිය හැකි බව දැනුම් දෙනවා.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින අතර
අද (09) දහවල් 12.11 ට මහවැව, අලළුව, කදහපොල, උහුමීය, උඩගම, කන්දනුවර, ගිරාඳුරුකෝට්ටේ, එල්ලේගොඩ, ගල්මෙද සහ පෙරියනිලවානෙයි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.