Gossips

අද සහ හෙට වැසි වැඩිවෙයි

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට දිනවලදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
සෙසු පළාත්වල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි.