Gossips

අද සහ හෙට වැසි තත්ත්වයේ වර්ධනයක්

දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේදී වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
වයඹ, මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වලට මෙන්ම මන්නාරම, වව්නියාව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.