Gossips

අද සහ හෙට මුහුද රළු වෙයි

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ අද (25) සහ හෙට (26) මීටර් 3ත්, 3.5ත් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර, ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබදව අවදානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එමෙන්ම පුත්තලම සිට මීගමුව, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකියි.