Gossips

අද සහ හෙට ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද සහ හෙට දිනවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම ප්‍රදේශවල ප්‍රභල අකුණු තත්වයන් ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
බස්නාහිර සබරගමුව ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇතිවිය හැකියි.
වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙන්නේ.