දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (26) සහ හෙට (27) දිනයන් හිදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි තද වැසි සහ ඌව සහ මධ්‍යම පළාත්වලත් කෑගල්ල, කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව දැනුම් දෙනවා.
මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී මද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ප්‍රබල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි මහජනතාවට දැනුම් දෙන්නේ.