දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අද සහ හෙට තද සුළං තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50ත්, 60ත් අතර තද සුළං ඇති විය හැකි බවයි.
