නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් අද (06) සහ හෙට (07) යන දෙදින තුළ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද යන පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වර්ෂාවත් සමඟ උඩපුස්සැල්ලාව – ගල්කොටුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එකම පවුලේ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ රාගල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට ඊයේ (05) රාත්‍රියේ මෙලෙස ගස කඩා වැටී ඇති බවයි.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නාය යාමේ අවදානම් නිවේදනයක් ද නිකුත් කළා.