Gossips

අද සහ හෙට ගිගුරුම් සහිත වැසි – ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වර්ෂාව

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (17) සහ හෙට (18) මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකියි.
කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ ජල පෝෂකවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී.ජී.එස්. ගුණසේකර පවසනවා.
වික්ටෝරියා සහ කොත්මලේ යන ජලාශවල ජල මට්ටම් සීග්‍ර ලෙස පහළ බැස ඇති බැවින් තායිලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් මෙරටට පැමිණ කෘත්‍රිම වැසි පිළිබදව අධ්‍යයනයක් සිදුකළ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.