යටියන්තොට – කබුලූමුල්ල පත්තිණි දේවාලයේ ඇසල පෙරහර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය අද රාත්‍රී 8.40 සිට සීමා කෙරෙන බව පොලිසිය පවසනවා.
පෙරහර අද රාත්‍රියේ දේවාලය ඉදිරිපිටින් ආරම්භ වී කරවනැල්ල හන්දිය දක්වා ගමන් කර, එහි සිට කෑගල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර නැවත කබුලූමුල්ල දේවාලයට පැමිණීමට නියමිතයි.
ඒ හේතුවෙන් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
