Gossips

අද රාත්‍රීයේත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද රාත්‍රී කාලයේදීත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වැසි සමඟ තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ ව අවධානය යොමුකරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.