Gossips

අද රාත්‍රියේ වැසි බර කාලගුණ තත්ත්වයක්

අද(10) මධ්‍යම රාත්‍රියේ සබරගමුව,මධ්‍යම,ඌව සහ දකුණ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අමතරව කෙටි සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.