Gossips

අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට වැසි

අද රාත්‍රියේ මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද, බස්නාහිර සහ උතුර පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරිතදිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් මේ වන විට ස්ථානගත වී ඇති බවයි.
මේ අතර ‘‘ගජ’’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ද යාපනය දිස්ත්‍රික්කයට තද වැසි සමඟ දැඩි සුළං තත්ත්වයක් හටගෙන තිබුණා.
ඒ හේතුවෙන් පුද්ගලයින් 2793 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේ.
මේ අතර, අද රාත්‍රී 12 දක්වා පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල නොයෙදෙන ලෙසට ධීවර ප්‍රජාව දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියා.
එමෙන්ම, ගජ සුළි කුණාටුව හේතුවෙන් උතුර පළාතේ සියලූම පාසල් වලට අද දිනයේ නිවාඩු ලබා දීමට උතුර පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළා.
ඒ හේතුවෙන් අද නියමිතට වාර විභාග කටයුතු ද කල් දැමුණු බවයි පළාත් අධ්‍යාපන කාර්යාලය දැනුම් දුන්නේ.
මේ අතර, ඉදිරි පැය 6 තුළ මුලතිව් සිට මුලතිව් සිට කන්කසන්තුරේ සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.