Gossips

අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට තද වැසි

ලබන 23 වනදා සිට උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පලාත්වල ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (21) රාත්‍රී කාලයේත් මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල තැනින් තැන ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම සබරගමුව පළාතේ මෙන්ම ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.