Gossips

අද රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලට එලෙස වැසි අපේක්ෂා කරන බවයි.
එමෙන්ම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.