Gossips

අද රාත්‍රියේත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද රාත්‍රී කාලයේදී පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම, අකුණු සහ තද සුළං ඇතිවිය හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.