අද රාත්‍රී කාලයේදීත් මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම, මධ්‍යම, සබරගමුව සහ බස්නාිහර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
