මධ්‍යම, සබරගමුව, නැගෙනහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට අද රාත්‍රියේ මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ නැගෙනහිර පළාතේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්ද හෙට දිනයේදී අපේක්ෂා කරන බවයි.
එමෙන්ම, හෙට පස්වරු දෙකෙන් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.